ප්‍රමිතියෙන් තොර එන්නත් ගත්තට අඳාළව කෙහෙළියට සිතාසි

Report

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද දින ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය පිළිබඳව චෝදන ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙක්ට එළඹෙන 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව විත්තිකරුවන්ට විරුද්ධව ඇති අධිචෝදනා පත්‍ර බාරදීමට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අඳාළ සිතාසි මෙසේ නිකුත් කර ඇති බව සඳහන්.

මෙහිදී අඳාළ විත්තිකරුවන්ට විරුද්ධව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

අඳාළ නඩුව මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල ඉදිරිපිට දී කැඳවීමට නියමිතව ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්