නිශාන්ත ජයවීර මාලිමාවේ නව මන්ත්‍රී ධුරයට

Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jul 07, 2025 03:45 PM GMT
Shehan

Shehan

Report

මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා මෙම පත්වීම සිදු කර තිබේ.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. ඒ අනුව, පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහුගේ නම ගැසට් කිරීමට කොමිසම පියවර ගෙන ඇත.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, පසුව ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහා තම මන්ත්‍රී හා නියෝජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්විය.

ඩයලොග් මොබිටෙල් පාරිභෝගිකයන්ටත් කෙළ වෙයි

ඩයලොග් මොබිටෙල් පාරිභෝගිකයන්ටත් කෙළ වෙයි

ReeCha