උසස් පෙළ උඩින්ම සමත්නම් රජයෙන්ම උපාධියට රට යවනවලු [VIDEO]
ශ්‍රී ලංකා රජයේ “ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක්” යන ප්‍රතිපත්ති දැක්ම යථාර්ථවත් කිරීමේ අරමුණින්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන්ට ජාත්‍යන්තරව ඉහළ ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් 2025 ජූලි 02 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලක්ව ඇත.
වැඩසටහනේ විස්තර
ප්‍රතිපාදන: 2025 අයවැය යෝජනාවලිය යටතේ රුපියල් මිලියන 200
ඉලක්කය: ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පළමු 500 තුළ පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව
කාලසීමා: උපරිම වසර 4ක උපාධි පාඨමාලා
සිසුන් ගණන:
- පස් අවුරුදු සැලැස්ම යටතේ: සිසුන් 200
- 2025 ප්‍රථම අදියර: සිසුන් 20-50
තෝරා ගැනීමේ ක්‍රමවේදය
සුදුසුකම්: අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉහළම ඉසෙඩ් අගය (z-score) ලබා ගත් සිසුන්
තෝරා ගැනීම: විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින්
විෂය ධාරා: විද්‍යා, වාණිජ, කලා ඇතුළු ප්‍රධාන විෂය ධාරාවන්
මෙම යෝජනාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව ඇත.
