සහල් හිඟයට ගන්න වී අලෙවි මණ්ඩලය ළඟ තියෙන්නේ වී මෙට්‍රික් ටොන් 59යි
වී අලෙවි මණ්ඩලය මඟින් 2024/25 මහ කන්නයේදී මිලදී ගත් මෙට්‍රික් ටොන් 59 ක වී තොගය ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයකදී ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පහුගිය මහ කන්නයේදී මණ්ඩලයට ලැබුණු වීවලින් වැඩි ප්‍රමාණයක් නාඩු වී බව පවසයි.
එසේම කීරි සම්බා වී සුළු ප්‍රමාණයක් ද ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට අලෙවි කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කර ඇත.
එසේම ඔහු සඳහන් කළේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව වී මෙට්‍රික් ටොන් 210,000 ක් පමණද, සතොස ගබඩාවල වී මෙට්‍රික් ටොන් 60,000 කට අධික ප්‍රමාණයක් ද ගබඩා කිරීමේ හැකියාව ඇති බවයි.
තවද ඔහු කියා ඇත්තේ යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් රජය රුපියල් බිලියන හයක මුදලක් ලබාදී ඇති බවයි.
මේ අතර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට උතුරු පළාතේ සහ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල වී ගබඩා කීපයක් විවෘත කර ඇති බවත් ඉදිරි දිනවලදී විවෘත කරන ගබඩා සංඛ්‍යාව වැඩිකරන බවත් සභාපතිවරයා පවසා ඇත.
එමෙන්ම කීරි සම්බා සහල් වෙනුවට ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට ද රජය සැලසුම් යොදා ඇති බව සඳහන්.
