පොලිස් වේශයෙන් ඇවිත් නිවසක් කොල්ලකෑවා මදිවට CCTV කැමරාව කියලා වෙන එකක් උස්සලා

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 07, 2025 05:37 PM GMT
Kaushi

Kaushi

Report

පොලිස් ශරීර සුවතා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුම්වලින් ව්‍යාජ ආකාරයට සැරසී නිවසක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව අඳාළ සැකකරුවන් තිදෙනා නිවසකට ඇතුළුව එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඊට ඇතුළුවන අයුරු CCTV කැමරාවක සටහන්ව ඇත.

මේ සම්බන්ධයෙන් සැක පළ කළ ප්‍රදේශවාසීන් මොවුන් තිදෙනා පැමිණි වෑන් රථය වටකර ඇති බව වාර්තා වේ.

එහිදී පොලිස් ශරීර සුවතා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුම්වලින් ව්‍යාජ ලෙස සැරසී සිටි මෙම සැකකරුවන් තිදෙනා විසින් CCTV පටිගත යන්ත්‍රය යැයි සිතූ වෙනත් උපකරණයක් ද රැගෙන පලාගොස් ඇති බව සඳහන්.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව ගල්නෑව පොලීසිය සිදුකළ විමර්ශනවලදි සැකකරුවන් පැමිණි වෑන් රථයද සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ReeCha