ධුරයෙන් නෙරපූවා කියලා ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගෙන

Report

විදෙස් මාධ්‍ය මඟින් රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් මහතා සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා කර ඇත.

අද (07) දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මේ අතර ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය අනුව ඔහු සිය දිවි නසා ගෙන ඇති බවට ප්‍රධාන වශයෙන් උපකල්පනය කරන බව සඳහන්.

ඒ අනුව දැනටමත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉකුත් 2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවයි.

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

එසේම මේ වන තෙක් රුසියානු ජනාධිපතිවරයා විසින් ඔහුව ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න හෙළි වී නැති බවද සඳහන්.

කෙසේ වුවත් ඔහුව රුසියානු ජනාධිපතිවරයා නෙරපා හැර ඇත්තේ යුක්‍රේනයේ ඩ්‍රෝන් ප්‍රහාවල ආරක්ෂක තර්ජනය නිසා මෙන්ම ඉකුත් ජූලි 5-6 දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති බව සඳහන්.  

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්