Dating app එකකින් රවටා පුද්ගලයෙකු කොල්ලකයි

Sri Lanka Police Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 07, 2025 12:35 PM GMT
Hashini

Hashini

Report

LGBTQ+ ප්‍රජාව සඳහා වන යෙදුමක් (dating app) හරහා පුද්ගලයෙකු රවටා, ඔහු කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ තරුණයින් පස් දෙනෙකු පානදුර දකුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෙරළ තීරයේදී පිහියක් පෙන්වා තර්ජනය කර මුදල්, ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් පැහැරගෙන ඇති පිරිසක් බවයි.

ඩයලොග් මොබිටෙල් පාරිභෝගිකයන්ටත් කෙළ වෙයි

ඩයලොග් මොබිටෙල් පාරිභෝගිකයන්ටත් කෙළ වෙයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 18, සහ 19 යන වයස්වල පසුවන අතර, ඔවුන් පානදුර, බෙල්ලන්විල, හිරණ, මොරොන්තුඩුව සහ වලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පිරිස විසින් මෙම පුද්ගලයා පානදුර වෙරළ තීරයට රැගෙන ගොස්, ඔහුගේ ඇඳුම් ගලවා, නිරුවත් වීඩියෝවක් පටිගත කර ඇති බවත්, පසුව එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇති බවයි පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඉන් අනතුරුව, සැකකරුවන් විසින් අදාළ පුද්ගලයාගේ ලැප්ටොප් පරිගණකය, ජංගම දුරකථනය සහ රුපියල් 9,000 ක මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

AliExpress, TEMU වලින් බඩු ගේන එක ගැන හර්ෂගෙන් නිවේදනයක්

ReeCha