දේශබන්දු පොලිස්පති ඉන්නකොට පාතාලය බය වෙලා හිටියේ - හිටපු ඇමති එස්.බී.කියයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.
හෙතෙම පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලද බවය.
පාතාලය මර්දනය කිරීම සඳහා රජය විමර්ශන අත්අඩංගුවට ගැනීම් සහ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු බවත් හෙතෙම කියා සිටියා.
පාතාලය පාලනය නොකළහොත් මෙරට සංවර්ධන කටයුතු අඩාල වන බවත් විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැළි වන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.