ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

Report

පිරිවැයට සාපේක්ෂව මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් නැවත ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ, ඔවුන් ඉන්ධන බෙදාහැරීමේදී මුහුණදී ඇති ගැටලු සැළකිල්ලට ගනිමින් බව සඳහන්.

එමෙන්ම මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, බලශක්ති අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට ඔවුන් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ කරුණ දැක්වීමක්ද සිදුකර ඇති බවයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ නාවික ප්‍රවාහන පිරිවැය හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 170 ක පමණ අලාභයක් ලබන බවට වාර්තා වන බව පවසයි.

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

එසේම අඳාළ නිලධාරියා පවසා ඇත්තේ රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 20 ක සහනාධාරය ජුලි මාසයේ සිට අත්හිටුවීමත් සමඟ ඉදිරි ඉන්ධන ඇණවුම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී ගැටලුවකට මුහුණදී ඇති බවයි.

එබැවින් ඉන්ධන බෙදාහරින සමාගම්වලට සාධාරණ වන ලෙස බාධාවකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි වනු ඇති බව පෙන්වා දෙයි. එවැනි පසුබිමක පිරවුම්හල් සේවකයින් පිරිවුම්හල් වෙත සීමිත ඉන්ධන තොග ලැබෙමින් පවතින බව පවසන බව වාර්තා වේ.

එසේම ඇතැම් පෞද්ගලික පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු දක්නට ලැබෙන බවද සඳහන්.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා සිපෙට්කෝ පිරවුම්හල් තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බව පැවසූ බව සඳහන්.

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්