ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව!

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, පළමු ටෙස්ට් තරගය ලබන 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන ටෙස්ට් තරගය ලබන 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රේක්ෂකයින්ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 4 වන ගේට්ටුවෙන් සහ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 03, 04, 05 සහ 07 යන ගේට්ටුවලින් නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව හිමි වේ.

මෙම ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා–ඉන්දීය පුහුණු තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

ශ්‍රී ලංකා–ඉන්දීය පුහුණු තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

සයිබර් තර්ජනවලින් ආරක්ෂා වෙන්න මහජනතාවට දැනුම්දීමක් - මාර්ගෝපදේශය මෙන්න

සයිබර් තර්ජනවලින් ආරක්ෂා වෙන්න මහජනතාවට දැනුම්දීමක් - මාර්ගෝපදේශය මෙන්න