ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්
By Kaushi
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ යෝජනාව ප්‍රංශ ජාතික සභාව වෙත ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව ද වාර්තා වී තිබෙනවා.
එසේම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද මෙම යෝජනාට සහාය පළකර ඇති බව පවසයි.
පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියෙන් පසුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වෙයි.
ඒ අනුව ස්නැප් චැට්, ඉන්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලා වයස අවුරුදු 15ට අඩු ළමුන්ට ප්‍රවේශ වීම තහනම් කිරීම මෙම නව නීතියේ අරමුණ බව සඳහන්.