ප්‍රංශයත් ඇවිලෙයි, පොලිසියෙන් 80,000 ක් බැහැලා විරෝධතාකරුවන් 200ක් අත්අඩංගුවට ගයි
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ රජයට විරුද්ධව මහජන කෝපය තීව්‍ර කරමින් අද දිනයේ ප්‍රංශය පුරා විරෝධතා අතරතුර උද්ඝෝෂකයින් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව විරෝධතාකරුවන් පාලනයට මැක්‍රොන් රජය රට පුරා පොලිස් නිලධාරීන් 80,000 ක් යොදවා තිබෙනවා.
එම තත්ත්වය යටතේ විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටී, මාර්ග අවහිර කරමින්, පැරිස් සහ අනෙකුත් නගරවල ගිනි තැබීම් සිදු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය දක්වයි.
මේ නිසා "Block Everything" ව්‍යාපාරය යටතේ දහස් ගණනක් ජනතාව වීදි බැස සිටි අතර, නොසන්සුන්තාව ආරම්භ වී පැය කිහිපයක් ඇතුළතයි පුද්ගලයන් 200 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අගනුවරදී, විරෝධතාකරුවන් පොලිස් බාධක ද ගිනි තබා තිබෙන අතර, පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටින බව ද සදහන් වේ.
මේ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටේයෝ රෙනස් නගරයේ බස් රථයකට ගිනි තබා ඇති බවත්, විදුලි රැහැන්වලට හානි වීම නිසා නිරිතදිග ප්‍රදේශයේ දුම්රිය සේවා නතර කර ඇති බවත් ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා විරෝධතාකරුවන්ට චෝදනා කරන්නේ රටපුරා කැරැල්ලක් නිර්මාණය කිරීමට මොවුන් උත්සාහ කරන බවයි.
එසේම විරෝධතාකරුවන් ප්‍රදේශ කිහිපයක බාධක ඉදිකර, ගිනි තබා, පෙළපාලි පවත්වන අතර පැරිසියේ කුණු කූඩ ද ගිනි තබා ඇත.
එමෙන්ම "Block Everything" ව්‍යාපාරය, රට අඩාල කිරීමෙන් තම අරමුණු සම්පූර්ණයෙන් ඉටුකර නොගත්තද, එය ප්‍රවාහනය, කාර්යාලයීය ගමනාගමනය සහ එදිනෙදා ජීවිතයට බාධා කළ ප්‍රධාන ගැටළු ඇති කර තිබෙන බවයි එරට වාර්තාවල සඳහන් වන්නේ.
එමෙන්ම මෙම විරෝධතා සියල්ල මීට පෙර දින කිහිපයක සිට පැවතෙමින් ආ දේශපාලන කැලඹීම්වල ප්‍රතිඵලයක් වේ.
ඉකුත් සඳුදා දින මහජන නිවාඩු දින කපාහැරීම සහ විශ්‍රාම වැටුප් අත්හිටුවීම ඇතුළු පුළුල් කප්පාදු පියවරයන් ප්‍රකාශයට පත් කර තිබූ අගමැති ෆ්‍රැන්සිස් බෙයිරෝ මහතා පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පරාජය වීමෙන් ටික කලකට පසු ඉල්ලා අස්ව තිබෙනවා.
එසේම ඊයේ දින, මැක්‍රොන් තම ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු නව අගමැතිවරයා වශයෙන් පත් කර තිබුණා.
ඒ අනුව එය මාස 12 ක් තුළ සිදු වූ සිව්වන අගමැතිවරයායි. කෙසේ වෙතත් මැක්‍රොන්ට මෙම වේගවත් වෙනස්වීම් දේශපාලන අස්ථාවරත්වය පෙන්නුම් කරමින් මහජන අසහනය නොසලකා හරින බවට චෝදනා එල්ල වේ.

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි
එසේම වෘත්තීය සමිති සහ විරෝධතා සංවිධායකයින් බෙයිරෝගේ ඉල්ලා අස්වීමෙන් ඔවුන්ගේ ඉල්ලීම් වෙනස් නොවූ බව පවසයි. "ආණ්ඩුව බිඳ වැටීම හොඳයි, නමුත් එය ප්‍රමාණවත් නෑ" යනුවෙන් දුම්රිය වෘත්තීය සමිතියක් වන සුද්-රේල් ප්‍රකාශ කරයි.
"Bloquons Tout" හෙවත් "Block Everything" ව්‍යාපාරය ගිම්හාන කාලයේදී ආරම්භ වූ අතර, TikTok, X සහ පණිවිඩකරණ නාලිකා හරහා අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිර ඇත.
ඒ අනුව මැක්‍රොන්ගේ මෙම ප්‍රතිපත්ති හේතුවෙන් සමාජ අසමානතාවය වැඩි කරන බව සඳහන් කරන කම්කරුවන්, සිසුන් සහ ක්‍රියාකාරීන් වර්ජන සහ වීදි විරෝධතාවලට කැඳවා තිබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.