විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් - කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම සියල්ල සූදානම්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට තමන් වෙත උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට සමාජය තුළ සහ ක්ෂේත්‍රය තුළ කථාබහක් ඇති වී තිබෙන අතර, ඒ පිළිබඳව කළ විමසීමකදී අධිකරණ අමාත්‍යවරයා මෙම තොරතුරු තහවුරු කළේය.
මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූවහොත් ඒ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ප්‍රකාශ කර තිබේ.