දිවයින හරහා බලපාන සක්‍රීය මෝසම - ප්‍රධාන පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණයෙන් රතු එළියක්
උතුරු, උතුරු - මැද සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව, දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන් වේ
