සියලුම බස් රථ වලට හදිසියේම ආ අලුත්ම නීතිය මෙන්න

Report

සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සදහන් කර තිබේ මෙම මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කර ඇත.

 ඔහු සදහන් කළේ මේ වනවිට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා සුදුසු නිලධාරීන් බඳවාගැනීම් සිදු කිරීමට නියමිත බවයි

පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල ඇති දෝෂ බව සභාපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව වාහනවල තත්ත්ව පරීක්ෂා කරන නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස තුන කාලයක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බවත් එතුමා ප්‍රකාශ කර තිබේ

ඒ වගේම සියලුම වාහන සඳහා මේ ක්‍රියාත්මක කරන බව ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. 

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න