ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු හප්පා ගිය OIC අත්අඩංගුවට
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි.
හයිලෙවල් පාර, මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේදී ඊයේ (25) රාත්‍රී 11:30ත් 11:57ත් අතර කාලය තුළ මෙම අනතුරු සිදුකර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ බීමත් පරීක්ෂාවේදී සැකකාර පොලිස් නිලධාරියා බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.