ටියුෂන් යන්න ගෙදරින් ගිය ළමුන් හතර දෙනෙකු දින හතරක් පුරාවට අතුරුදහන්..

Report

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) වන දින සිට අතුරුදහන් වී ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිලි කර තිබේ .

ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම් දීමක්..

ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම් දීමක්..

මෙසේ අතුරුදහන් වී ඇත්තේ, තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි එම වතුයායේ දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා පැවසිය.

ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් වටයේ තරගය අද..

ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් වටයේ තරගය අද..

අතුරුදහන් වීව ඇති පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ඉකුත් (14) වන දින පාසල් නිම වී නිවස කරා පැමිණ ආපසු බාහිර පන්තියකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔවුන් නැවත නිවසට නොපැමිණි බවට එම ළමුන්ගේ දෙමව්පියන් කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත.

නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය නොදන්වා පොලිසියට රැගෙන ගොස් සෙල්ලම් දැමු සැරයන් වරයාගේ වැඩ වරදී..

නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය නොදන්වා පොලිසියට රැගෙන ගොස් සෙල්ලම් දැමු සැරයන් වරයාගේ වැඩ වරදී..

අතුරුදහන් වී ඇති සිසුවියන් තිදෙනා සහ සිසුවා ඥාතින් බවත්, අතුරුදහන් වී ඇති ළමුන් සොයා කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් දියත් කර ඇති බවත් තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර තිබේ .