ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් වටයේ තරගය අද..

By Piyumika Jul 18, 2024 06:40 AM GMT
Report

ලංකා ප්‍රිමිය ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (18) ආරම්භ වීමට නියමිතය.

එනම් අද පස්වරු 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

මහජනතාව විසින් රජයට ගෙවා තිබු ආදායමෙන් විශාල ප්‍රමාණයක් රජයට අහිමි වීමේ අවදානමක්..

මහජනතාව විසින් රජයට ගෙවා තිබු ආදායමෙන් විශාල ප්‍රමාණයක් රජයට අහිමි වීමේ අවදානමක්..

පළමු අවසන් පූර්ව තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවල පසුවන ගෝල් මාවල්ස් පිල සහ ජැග්නා කිංග්ස් පිල සුදුසුකම් ලබා තිබේ .

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ලබයි .

ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම් දීමක්..

ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම් දීමක්..

මේ අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිත අනෙක් කණ්ඩායම තේරීමේ තරගය ද අද රාත්‍රී 07.30ට පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, කලම්බු ස්ට්‍රකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය පැවැත් වීමට නියමිතව ඇත .