ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් විශේෂ දැනුම් දීමක්..

By Piyumika Jul 18, 2024 06:26 AM GMT
Report

නුවරඑළිය නගර සීමාව හා අවට ප්‍රදේශ රැසක ඝන මීදුම් තත්ත්වයක් පිළිබඳ ප්‍රවේසම් වන්නයි ආපද‍ා කළමනාකරණ ඒකකයෙන් සහ රථ වාහන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ .

සමුද්‍ර ක්ෂීරපායී සතුන් දැඩි ජීවිත අවදානමක..

සමුද්‍ර ක්ෂීරපායී සතුන් දැඩි ජීවිත අවදානමක..

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර මාගස්තොට මේ පිළිමාන පට්ටිපොළ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි හා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රථ වාහන යෙදවීමේදී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙස එහිදී දැනුම්දී තිබේ .

එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයන් සඳහා පැමිණෙන රියදුරන් මෙන්ම අනෙකුත් සියලුම රියදුරන් මීදුම් සහිත ස්ථානවල රථවාහන ගමන් කිරීමේදී එම අවස්ථාවන්ට උචිත ආලෝක සංඥා භාවිත කරන ලෙසත් ආරක්ෂාකාරී වේගයකින් රථ වාහන යොදවන ලෙසත් නුවරඑළිය රථවාහන පොලිසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ලෝක උරුමයක් වූ මහාවංශය..

ලෝක උරුමයක් වූ මහාවංශය..

තවද මාර්ගය දෙපස ගස් හා විදුලි රැහැන් කඩාවැටීම් වැනි ආපද‍ා තත්ත්වයන් ඇතිවිය හැකි අවදානම් පවතින බැවින් මහා මාර්ගයන්හි ගමන් කරන පදිකයන් හා පොදු ජනතාවට දැඩි කල්පනාකාරීව කටයුතු කරන ලෙස ආපද‍ා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටියි.