එක පෙළට මාරක අනතුරු රැසක් - සිව් දෙනෙක් ජීවිතක්ෂයට
ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් 86.6 කණුව ආසන්නයේදී මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පෙරළී ගොස් එක් අනතුරක් සිදුව තිබුණා.
එම අනතුරින් මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටි එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් විය. එසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන්.
මේ අතර සේරුනුවර, නිලපොල ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරින් 31 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම කිලිනොච්චිය, මුලතිව් මාර්ගයේ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටී සිදුවු අනතුරින් 49 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
තවද වාරියපොල, මාරගස්ගොල්ල ප්‍රදේශයේදී ද යතුරුපැදියක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් 22 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව සඳහන්.