අනේ අපොයි හරක් බදින්න කැලයට ගිය කාන්තාවට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය

Report

මහඔය පොලිස් ස්ථානයට මහඔය පොලිස් වසමේ බෙරගල රක්ෂිතයේ කාන්තාවක් ඝාතනය කර ඇති බවට ඊයේ (24) තොරතුරක් ලැබී තිබේ.

පොලිසිය පැවසුවේ, පෙරේදා (23) පස්වරුවේ ගවයින් බැඳීම සඳහා රක්ෂිතයට ගොස් සිටි මෙම කාන්තාව නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බවයි.

එම සෝදිසි කිරීමේදී රක්ෂිතය තුළ දොල පාරක් අසළ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව ඇයගේ මෘත ශරීරය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

දකුණු මුහුදේ දී අල්ලාගත් මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

දකුණු මුහුදේ දී අල්ලාගත් මත්ද්‍රව්‍ය යාත්‍රා දික්ඕවිට ධීවර වරායට

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තා වේ.

මෙම ඝාතනයට හේතුව කුමක්ද යන්නත්, එය කවුරුන් විසින් සිදුකර ඇතිද යන්නත් මේ වනතුරු අනාවරණය වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි

රෝගීන් අතහැර දමා එන්න.. ප්‍රශ්න ටික දේශපාලන පිටියේදී විසදගමු - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි