මුදල් චක්‍රලේඛවලට පටහැනිව භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මුදල් ගෙවයි - වගකිවයුතු නිලධාරීන් නිදහස්?
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තමා අයථා ආකාරයට භාවිත කළ බවට චෝදනා එල්ල වූ ඉන්ධන ලීටර් 11,320ක වටිනාකම වන රුපියල් මිලියන 1.17ක (රු. 1,170,000) මුදල ගෙවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් හිටපු ආණ්ඩුකාරවරයා විසින් මෙම ඉන්ධන ලීටර් 11,320 භාවිත කිරීම මුදල් චක්‍රලේඛ උපදෙස්වලට පටහැනි බව පෙන්වා දී තිබූ අතර, එම රුපියල් මිලියන 1.17ක මුදල අදාළ පළාත් සභාවෙන් අය කරගන්නා ලෙසට උපදෙස් දී තිබුණු බව සඳහන්.
රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රජයෙන් තවත් සතුටු ආරංචියක් - ප්රතිලාභ රැසක් සමඟින් මේ රක්ෂණාවරණය ශක්තිමත් කිරීමට සැලසුම්
එමෙන්ම උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවි ඊයේ(04) දින සඳහන් කර ඇත්තේ, හිටපු ආණ්ඩුකාරවරයා විසින් අදාළ මුදල මුදලින්ම පියවා තිබෙන බවයි.
මේ අතර මෙම සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ බව වාර්තා වේ.
කෙසේ වුවද අඳාළ නිලධාරීන් මේ වන විට සේවයෙන් විශ්‍රාම ගොස් තිබෙන බැවින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.