ප්‍රසිද්ධියෙම ආණ්ඩුවට කඩේ යන ෆොන්සේකා
ලෝකේ රටවල් 147ක් අතරින් ලොව සතුටින් ම සිටින ජනතාව සිටින රටවල් අතර ලංකාව 133 වන ස්ථානයට පත්ව ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
එසේම ඔහු දක්වන්නේ නිදහස ලැබූ දින පටන් රට පාලනය කළ කිසිදු නායකයෙක්ට රට ඉදිරියට ගෙන යෑමට දැක්මක් නොතිබූ බවයි.
එමෙන්ම රට පාලනය කරන්නේ රටට පොහොර, තෙල්, ඖෂධ, ගල් අඟුරු ගෙන ඒම තීරණය කරන දූෂිත වළල්ල බවත් ඔහු පවසයි.
එම දූෂිත ජාලයේ නිර්මාතෘවරුන් රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සල්ලිකාර මිත්‍රයන් බව අවධාරණය කළ ඔහු එබැවින් මේ වන විට වර්තමාන ආණ්ඩුව ගැන කළකිරීමක් තිබුණද එය කිසිසේත් විවේචනය නොකළ යුතු බවත් පවසා ඇත.
එසේ කළහොත් එහි වාසිය පැරණි දූෂිත වළල්ලටම යන බවද සරත් ෆොන්සේකා පෙන්වා දී ඇත.
ඒ අනුව තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මුලින්ම කළ යුතු වන්නේ නැවත හිස එසවීමට උත්සාහ කරන පැරණි දූෂිත දේශපාලන කල්ලි අතුගා දැමීම බවයි.
ඉන්පසු ආණ්ඩුවේ දුර්වලතා තිබේ නම් විවේචනය කළ යුතු බවත් ඔහු කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින පැවති කළුතර ජනහමුවකට එක් වෙමින්.