හෙට දිනට වලංගු වන පරිදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ජනතාවට නිවේදනයක්
අද (13) දින ප.ව. 2.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙට(14) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත.
ඒ අනුව එහි සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි.
එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන්. එසේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක.
කෙසේ වුවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි