මිලියන 92ක දැවැන්ත වියදමකින් පේරාදෙණිය රෝහලේ සිදුවූ සුපිරි වෙනස

By Malith Madushan Jun 13, 2026 10:52 AM GMT
Report

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 92කට අධික වියදමකින් නවීකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය හෙට (14) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී නවීන පහසුකම්වලින් සමන්විත ඒකක දෙක නිල වශයෙන් විවෘත කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 92කට අධික මුදලක් වැය කර ඇති අතර, හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් මිලියන 37ක් සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය සඳහා රුපියල් මිලියන 55ක් වෙන් කර තිබේ.

මේ දවස්වල රටම කතාවෙන නෙහාරා බලන්නකෝ බඩත් උස්සන් කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා - දියණිය ගැන සංවේදී සටහනක්

මේ දවස්වල රටම කතාවෙන නෙහාරා බලන්නකෝ බඩත් උස්සන් කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා - දියණිය ගැන සංවේදී සටහනක්

නවීකරණයෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගී ධාරිතාව 18 සිට 47 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔක්සිජන් සැපයුම් පහසුකම් සහ කාර්ය මණ්ඩල ධාරිතාවද සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත.

මධ්‍යම පළාතේ ප්‍රමුඛ තෘතියික සත්කාර රෝහලක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් වාර්ෂිකව නේවාසික රෝගීන් 80,000කට අධික පිරිසකට සහ බාහිර රෝගීන් ලක්ෂ 2.5කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිකාර සේවා සපයනු ලබයි.

තත්ත්වය දරුණු වෙයි - නායයෑමේ අවදානමක් - වහාම ජනතාව ඉවත් කරයි

තත්ත්වය දරුණු වෙයි - නායයෑමේ අවදානමක් - වහාම ජනතාව ඉවත් කරයි