වර්තමානේ නයිටිංගේල් දුවලා මම හිතන්නේ ටිකක් අයාලේ යනවා.. හෙද කවුන්සිලය ඇමතිට යටත් වෙලා - මුරුත්තෙට්ටුවේ හිමි සුව ඇමතිට සැරටම දෙසයි [VIDEO]

Report

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සඳහන් කර ඇත්තේ දේශපාලනඥයින් විවිධ පොරොන්දු ලබාදුන්නද ඒවා කිසිවක් ඉෂ්ට නොවූ බවයි.

ඒ අනුව උන්වහන්සේ ජාත්‍යන්තර හෙද දින සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමින් සඳහන් කර ඇත්තේ,

'' මම කල්පනා කළා මෙවර මේ උත්සවය පවත්වන්නේ දේශපාලනඥයන්ගෙන් තොරවයි. දේශපාලනඥයන් ගෙන්වුවාම ඔවුන් පම්පෝරි ගහලා යනවා මිසක් ඒ කිසිම දෙයක් ඉෂ්ට වෙන්නේ නෑ කතා කළාට. වේදිකාවලට ඇවිල්ලා දහසක් පොරොන්දු දෙනවා. එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වර්තමානේ නයිටිංගේල් දුවලා මම හිතන්නේ ටිකක් අයාලේ යනවා. අපි හැම වෙලාවෙම පවතින රජයෙන් වැඩ ගත්තා.

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

වර්තමානෙ නම් ලේකම්තුමනි කොච්චර ප්‍රශ්න ඉදිරිපත් කළත් විසඳෙන්නේ නෑ. මේවා බේරේ වැවට යනවද දන්නේ නෑ. හැම වෙලාවෙම සාකච්ඡා කළාම දේශපාලන පොරොන්දුවක් දෙන්නේ.'' ''අද අපි ඔබ තුමා පිළිගන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියා වශයෙන්. ඇමති එනවා යනවා. ඔබතුමාලා එහෙම නෙවේ නිලධාරීන්. හැම පැත්තෙන්ම ප්‍රශ්න. දහස් ගණනින් ශිෂ්‍යයින් පුහුණුවට ගන්නවා. ගිහින් බලන්න ඒ අයට ඉන්න තැනක් තියෙනවද දේශන ශාලා තියෙනවද කියලා. ගුරුවරු 132ක්ද කොහෙදෝ අඩුයි. කොහොමද මේවා කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයට කියන හැමදේම බීරි අලින්ට වීනා ගායනා කරනවා වගේ.'' ''හෙදියන් තුන්දෙනෙක් කරන වැඩේ එක්කෙනෙක්ට කරන්න වෙලා. කාර්ය කරන්න මුලින් සේවකයා තෘප්තිමත් වෙන්න එපැයි. බුදු හාමුදුරුවෝ දේශනා කළානේ බඩගින්නේ බණ කියන්න එපා කියලා. අද හෙද කවුන්සිලය ඇමතිට යටත් වෙලා. ඇයි අපි ජාත්‍යන්තර හෙද කවුන්සිලය ඇමතිට යට කරන්නේ. ඇමතිතුමා එදා නයිටිංගේල් සමුළුවට ඇවිල්ලා පොරොන්දුවක් දීලා ගියා. මම මේක ඉතා ඉක්මනින් කරනවා කියලා. ඇමති තුමා මෙතන නැති නිසා ඉතිරි ටික කියන්න කැමති නෑ. අපි අවුරුදු 29ක් තරග කරපු හෙද විශ්වවිද්‍යාලය අඩුම තරමේ මේ අවුරුද්දේවත් පටන් ගන්න. ඔබතුමා ගිහින් කියන්න හාමුදුරුවෝ දොස් කීවා කියලා. "

එම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද එක්ව සිටියා.

සහරාන්ගේ ලෝයර් මම නෙවෙයි හැබැයි හිටපු නඩුවක.. මේවට මාව නවත්වන්න බෑ - සමාජ මාධ්‍ය කළඹපු පුවතේ ඇත්ත නැත්ත මෛත්‍රී එළි කරයි

සහරාන්ගේ ලෝයර් මම නෙවෙයි හැබැයි හිටපු නඩුවක.. මේවට මාව නවත්වන්න බෑ - සමාජ මාධ්‍ය කළඹපු පුවතේ ඇත්ත නැත්ත මෛත්‍රී එළි කරයි

හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ජනාධිපති අනුරට යැවූ හදිසි ලිපිය- දේශපාලන කරළිය උණුසුම් කල ඉල්ලීම මෙන්න

හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ජනාධිපති අනුරට යැවූ හදිසි ලිපිය- දේශපාලන කරළිය උණුසුම් කල ඉල්ලීම මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,