කේටි පෙරීගේ සන්දර්ශනය මැද ඇමරිකාවෙන් සුපිරි ප්‍රහාරයක්

Report

ඇමරිකා එක්සත් ජනපදය සහ පැරගුවේ අතර පැවති තරගය 4–1 ලෙස ඇමරිකානු කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ලොස් ඇන්ජලස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භ වීමට පෙර ගායන ශිල්පිනී කේටි පෙරීගේ ආරම්භක ගීතය ද තරගයේ උණුසුම වැඩි කළ අතර, ප්‍රසිද්ධ හොලිවුඩ් තාරකාවන් රැසක්ද තරගය නැරඹීමට එක්වූහ

10 වන මිනිත්තුවට පෙර ඩැමියන් බොබඩිල්ලා විසින් ඇමරිකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

පසුව ෆොලරින් බොලෝගන් මෙම තරගයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ පළමු ගෝලය 31 වන මිනිත්තුවේදීත්, දෙවන ගෝලය 45 වන මිනිත්තුවේදීත් වාර්තා කිරීමත් සමග ඇමරිකාව 3–0 ලෙස ඉදිරියෙන් සිටියේය.

දෙවන අර්ධයේදී 73 වන මිනිත්තුවේදී පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් මෞරීසියෝ විසින් පළමු ගෝලය ලබා ගත්තේය.

ඉන් පසුව 90 වන මිනිත්තුවේදී රේනා ලබාගත් විශිෂ්ට ගෝලයක් මගින් ඇමරිකාව 4–1 ලෙස ජයග්‍රහණය තහවුරු කළේය.