ඉන්දියාවම හදිසි තත්ත්වයක - ගුවන් යානයක් ගොඩබෑමේදී හදිසියේම කඩා වැටෙයි - ඉන්දීය ගුවන් හමුදාවේ 5ක් ජීවිතක්ෂයට [VIDEO] [IMAGE]

Report

අද (13) ඇසෑම් හි ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක් වී ඇත. ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු මිය ගිය ඇසෑම් හි සුඛෝයි Su-30MKI අනතුරකින් මාස කිහිපයකට පසු මෙම සිදුවීම සිදු වී ඇත.

යානය ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කරන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි. මෙලෙස අනතුරට පත් වූයේ AN-32 ගුවන් යානය ඉන්දීය ගුවන් හමුදාවේ 43 වන බලඝණයට අනුයුක්තව සේවයේ යොදවා තිබූ යානයක්ය.

අදාළ අනතුර පිළිබදව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරින් පස් දෙනෙකු මිය ගිය බව ඉන්දීය ගුවන් හමුදා මූලික වාර්තාවලට අනුව සඳහන් වේ. ස්කොඩ්නර් ලීඩර් ප්‍රශාන්ත් සිං, ෆ්ලයිට් ලුතිනන් ශුභම් කුමාර්, සැරයන් ජිතේන්ද්‍ර ෂර්මා, අග්නිවීර්වායු කේමරාම් කුමාවත් සහ අග්නිවීර්වායු ඩනිෂ් අලම් රාජකාරියේ යෙදී සිටියදී මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ ගින්නක් හටගත් අතර ගින්න පාලනය කිරීම සඳහා හදිසි කණ්ඩායම් වහාම යොදවා ඇත.

අදාළ අනතුරේ දර්ශන සහ මියගිය පුද්ගලයන්ගේ විස්තර පහතින්,