ෂෙබාස් ෂරීෆ් ලෝකයම හොල්ලමින් තැබූ සටහන - මැදපෙරදිග යුද්ධයට තිත තැබූ හැටි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා වන සටන් විරාම ගිවිසුම “කවදාවත් නොවූ තරම් ආසන්නව” ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
ඔහු සිය 'X' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, අමෙරිකා–ඉරාන–ඊශ්‍රායල ගැටුම අවසන් කිරීම සඳහා වන ගිවිසුමක් ඉතා ඉක්මනින් ප්‍රගතියක් ලබාගත හැකි බවට එමගින් තවත් ප්‍රබල ඉඟියක් ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙතෙක් කිසිදු අවසන් ගිවිසුමකට අත්සන් කර නොමැති බවයි. ඔහු පෙන්වා දී ඇත්තේ, මේ වනවිට සලකා බලමින් පවතින එකඟතාව අදියර දෙකකින් සමන්විත වන බවයි.
පළමු අදියර ලෙස අවබෝධතා ගිවිසුමක් (ඇති කර ගනිමින් සටන් තාවකාලිකව නවත්වනු ඇති අතර, දෙවන අදියරේදී විවිධ කරුණු සම්බන්ධ සාකච්ඡා ආරම්භ වනු ඇත.
පළමු අදියර යටතේ සටන් නවතා දැමීම සහ ප්‍රහාර නැවත නොඇරඹීම පිළිබඳ එකඟතාවක් ඇති වන අතර, දෙවන අදියරේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අනාගතය, ආර්ථික සම්බාධක ඉවත් කිරීම සහ ඉරාන වත්කම් නිදහස් කිරීම වැනි කරුණු සාකච්ඡාවට ලක් වනු ඇත.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගත පාලනය ඉරානය සහ ඕමානය යටතේ පවතින අතර, එහි පරිපාලන ක්‍රමය පෙරට වඩා වෙනස් වන බවද අරාග්චි පවසයි.
මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහම්මද් බගර් ගලිබාෆ් සඳහන් කර ඇත්තේ “ගිවිසුම් කරන්නේ නම් ඒවා ඉටු කළ යුතුය” යනුවෙනි.
එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසන්නේද ගිවිසුම අවසන් මට්ටමට තවමත් ළඟා නොවූවත් එය “ඉතා ආසන්න” බවයි.
කෙසේ වෙතත්, ගිවිසුම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරීම, න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කිරීම සහ සම්බාධක ඉවත් කිරීම වැනි කොන්දේසි පවතින බවද ඔහු පෙන්වා දී ඇත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම ගිවිසුම ඉක්මනින් අත්සන් කළ හැකි බවට විශ්වාසය පළ කර ඇති අතර, ගිවිසුමේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවට ඉරානයට චෝදනා කර තිබේ. මේ අතර පසුගිය දිනවල දෙපාර්ශ්වය අතර ප්‍රහාර හුවමාරු වීමත් සමඟ උත්සන්න වූ ගැටුම් තත්ත්වය, මේ වනවිට තාවකාලිකව නවතා දැමීමකට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Amid ongoing intense mediation efforts by Pakistan, we are fully aware of incessant misinformation campaign being waged by those who want to sabotage the peace deal. Setting aside the noise, we can confirm that a final, agreed upon text of the peace deal has been reached and…
— Shehbaz Sharif (@CMShehbaz) June 12, 2026