ශ්‍රී ලංකාව - නේපාලය අතර ගුවන් ගමන් යළි අරඹයි

By Shehan Sep 11, 2025 04:42 AM GMT
Report

නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් යළි ආරම්භ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-181 දරන ගුවන් යානය අද (11) උදෑසන 08:15ට කටුනායක ගුවන්තොටුපොළෙන් කත්මණ්ඩු බලා පිටත්ව ගියේය. එම යානය දහවල් 11:41ට කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබසිනු ඇති අතර, එරට සිටින ගුවන් මගීන් රැගෙන පස්වරු 04:40ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ආපසු පැමිණීමට නියමිතය.

නේපාලයේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යාංශය

නේපාලයේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, එම ගමන් සතියකට දින 4ක් ඉරිදා, සඳුදා, බදාදා, සහ බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වේ.

නේපාලයේ පැවති අරගලකාරී තත්ත්වය හේතුවෙන් එරට ගුවන්තොටුපොළ වසා දැමීමත් සමඟ ඊයේ (10) ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි. ඒ අනුව, ඊයේ උදෑසන කත්මණ්ඩු බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අතිරික්ත මගීන් 35 දෙනෙකුට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් නවාතැන් සහ හෝටල් පහසුකම් ලබාදී ඇත.

කත්මණ්ඩු ගුවන්තොටුපොළ යළි විවෘත කරයි

කත්මණ්ඩු ගුවන්තොටුපොළ යළි විවෘත කරයි

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි