පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයකට අනුමැතිය

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර, 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී, පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාවන් තුළ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

රටේ සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා ඇති අයිතිය තහවුරු කරමින්, විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට අවශ්‍ය සිසුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙම චක්‍රලේඛයේ අරමුණයි.

මෙම නව චක්‍රලේඛය යටතේ, 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ උපදෙස් අවලංගු වනු ඇත.

ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා

ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, මෙම නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

පැතුම් නිශ්ශංකව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්? මාලිංග පෙරට

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ

ජනපති අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දියාවට ආරංචි වෙලා - බලන්නකෝ කියන දේ