නේපාලයේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි - විදේශ කටයුතු අමාත්‍යාංශය

Report

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් හෝ පීඩාවක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යාවත්කාලීන තොරතුරු අනුව, 2025 සැප්තැම්බර් 11 වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු ආරක්ෂිතව සිටින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට සහ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට කත්මන්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරව අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එසේම, තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ එක්ව අමාත්‍යාංශය මෙම තත්ත්වය පිළිබඳ නිරන්තර තොරතුරු යාවත්කාලීන කර ගන්නා බවත් සඳහන් වේ.

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

අපි කොයි වෙලාවෙවත් ලයිට් බිල් වැඩි කරන්න කිව්වේ නෑ, හැබැයි රට අඳුරට ගියොත් කරන්න දෙයක් නෑ - කෝසල

අපි කොයි වෙලාවෙවත් ලයිට් බිල් වැඩි කරන්න කිව්වේ නෑ, හැබැයි රට අඳුරට ගියොත් කරන්න දෙයක් නෑ - කෝසල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල