ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

Government Employee Latest Headlines Nalinda Jayatissa Sinhala news gagana news
By Mithu Sep 04, 2025 08:52 AM GMT
Mithu

Mithu

Report

ඊයේ දින 159වෙනි පොලිස් සංවත්සරය පැවැති අතර එහිදී නම ගිය පාතාලකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇගයීමට ලක්විය.

මහින්දානන්ද, නලින් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් කල් යයි

මහින්දානන්ද, නලින් ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් කල් යයි

ඒ අනුව අද දින රජය කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ අවස්ථාවට සහභාගී වූ නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු එක්තරා ප්‍රශ්නයක් අසන අතර, එහිදී එම මාධ්‍යවේදියා සඳහන් කරන්නේ තෝර මෝරු තෑගි සම්මාන ගද්දී අහිංසක හාල්මැස්සෝ ඇගයීමට ලක් කරන් නැද්ද ඔවුන්ට වැටුපක් වැඩිවෙන්නෙ නැද්ද යන ආකාරයේ ප්‍රශ්නයකි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අවසන්

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අවසන්

ඒ අවස්ථාවේදී පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ පහත ආකාරයේ කතාවක්.

"මම දන්නා හැටියට පොලිස්පතිවරයා ඒ අමාත්‍යාංශ භාර ලේකම් ඉවරයාගේ මාර්ගයෙන් විටින් විට ත්‍යාග අරමුදල හරහා දිරි ගැන්වීම් සිදුකර තිබෙනවා. ඉදිරියේදී අවංකව වැඩ කරන පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන බව ජනපති පැහැදිලිව ප්‍රකාශ කළා.එනිසා රටේ නීතිය සාමය ආරක්ෂා වෙන්න හැමෝම කැප වෙන්න.රජය දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම සියලු රජයේ සේවකයන්ට මේ ජනවාරි සිටම මූලික වැටුප් වැඩිවීමක් අනිවාර්යෙන්ම සිදුවෙනවා"

යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ