තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

Report

තංගල්ල - පරවි වැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් ගල් පරයක ගැටී පෙරළීමෙන් බිහිසුණු අනතුරකට ලක්ව ඇති බව තංගල්ල පොලිසිය වාර්තා කරයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් සිව්දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇත.

රියැදුරු බලපත් කාඩ් දැන් හිඟයි - නව ඇණවුම් ලබන මාසයේ

රියැදුරු බලපත් කාඩ් දැන් හිඟයි - නව ඇණවුම් ලබන මාසයේ

එහෙත්, ඉතිරි ධීවරයින් දෙදෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

පෙරේදා (27) මුහුදු ගිය මෙම යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ ගොඩබිමට ආපසු පැමිණෙමින් තිබියදී ගල් පරයක ගැටී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.

විවේචනයෙන් බලයට යන කලාකාරයෙක් - රාජිත රනිල් ගැන කියන අලුත්ම කතාව

විවේචනයෙන් බලයට යන කලාකාරයෙක් - රාජිත රනිල් ගැන කියන අලුත්ම කතාව

අතුරුදන් ධීවරයින් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාත්‍රා දෙකක් යොදවා ඇති අතර, තවත් ධීවර යාත්‍රා කිහිපයක්ද මෙම සෝදිසි මෙහෙයුමට එක්ව ඇත.

තංගල්ල පොලිසිය විසින් අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම ඛේදවාචකය ධීවර ප්‍රජාවට බලවත් සිත්තැවුලක් ඇති කර ඇත.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව