රියැදුරු බලපත් කාඩ් දැන් හිඟයි - නව ඇණවුම් ලබන මාසයේ

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කාඩ්පත්වලින් ඉතිරිව ඇත්තේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පමණි.

පසුගිය කාලය තුළ රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ දහයක් ආනයනය කර ඇති අතර, ඉන් ලක්ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මුද්‍රණය කර බලපත්‍ර හිමියන් වෙත තැපැල් මගින් යවා ඇත.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට සහ අනුරාධපුර යන කාර්යාල මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සිදු කෙරේ. වේරහැර කාර්යාලයේ දිනපතා බලපත්‍ර 4,000කට ආසන්න ප්‍රමාණයක් එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ මුද්‍රණය කරනු ලැබේ.

කෙසේ නමුත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්ෂ අටක නව ඇණවුමක් ලබාදී ඇති බවත්, එම ඇණවුම ලබන මාසය තුළ ලැබීමට නියමිත බවත්ය. දැනට ඉතිරිව ඇති කාඩ්පත් ප්‍රමාණය එම ඇණවුම ලැබෙන තුරු ප්‍රමාණවත් බවත්, මෙය ගැටලු සහගත තත්ත්වයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, රියැදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවන බවත්, බලපත්‍ර හිමියන්ට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සුමටව පවත්වාගෙන යන බවත්ය.

බෝරා ආගමික උත්සවය අතරතුර වීඩියෝ කරපු පොඩි සහරාන් අත්අඩංගුවට

බෝරා ආගමික උත්සවය අතරතුර වීඩියෝ කරපු පොඩි සහරාන් අත්අඩංගුවට