මාලිමාවේ ධීවර ඇමති අනූනවයෙන් පැනගයි [VIDEO]
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට යාපනය ප්‍රදේශයේදී දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති බව වාර්තා විය.
එහිදී රැස්ව සිටි ජනතාව විසින් අමාත්‍යවරයාව වට කර ගැනීමත් සමඟ දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් විරෝධතාවය මැද අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විසින් ඔහුව වාහනයේ නංවා එම ස්ථානයෙන් ඉවත් කරගෙන යාමට කටයුතු කර තිබුණා.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාට යාපනය ප්‍රදේශයේ අද (25) දින නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී සිට ඇත.
එම අවස්ථාවේදී මෙම ජනතා විරෝධය ඔහු වෙත එල්ල වී ඇත.
විරෝධතාවය මැද ජනතාව ඔහුගෙන් ප්‍රශ්න නැගූ බවද දක්නට ලැබුණා.