ඉති­හා­සයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Oct 07, 2024 08:21 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාල මහ­ත්මි­යගේ නම මෙසේ යෝජනා වී තිබෙන බව පොලිස් අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?


එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­රද සිටින ඉමේෂා මුතු­මාල ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වන්නේ 2007 වසරේ නොවැ­ම්බර් 03 වැනි­දාය.

2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලි­සියේ පොලි­ස්පති ධුරය කාන්තා නිල­ධා­රීන්ට විව­ර­වන්නේ නම් එම තන­තුර දක්වා ඉහ­ළට යාමට හැකි­යා­වක්ද ඇත. ඇය වයස අවු­රුදු 60න් පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට නිය­මි­තව සිටින්නේ 2041 වස­රේ­දීය.

සුදුසුකම්,

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා ඇත.

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල මහ­ත්මිය පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද ඇය කලක් කට­යුතු කර තිබූ අතර ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්ක­රනු ලබන්නේ 2021 වසරේ ජූනි මාස­යේ­දීය.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.


පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.


පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ අර්බුද කළ­ම­නා­ක­රණ පාඨ­මා­ලාව ද තායි­ල­න්තයේ දී FBI ආය­ත­නය මගින් පව­ත්වන මුදල් විශු­ද්ධි­ක­රණ වැළැ­ක්වීමේ පාඨ­මා­ලාව ද මැලේ­සි­යාවේ රාජ­කීය පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව මෙන්ම ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව ඇය හදාරා තිබෙනවා.

එමෙන්ම ඉන්දි­යාවේ දී අන්ත­ර්ජාල අප­රාධ පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා ඇති අතර ඉමේෂා මුතු­මාල මහ­ත්මිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස යෝජ­නා­වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට මේ වන විට නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විල මහතා නම් කර ඇත.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.


Gallery