තැපැල් විතරක් නෙමෙයි වෛද්‍ය හෙද පොලිස් වැනි රජයේ සේවකයන්ටත් ඇඟිලි සලකුණු අනිවාර්යයි?

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කරන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරමු ලෙසයි.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

අද (20) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් සදහන් කළේ මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 50,000ක් පමණක් වුවද අදාළ දීමනා සමඟ එය රුපියල් ලක්ෂ 3ක් පමණ වන බවයි.

තත්ත්වය එසේ වුවද ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාර 25ක් පමණක් සහභාගී වන බවත් පාර්ලිමේන්තුව රැස් වන දිනකට මිලියන ගණනක් වැය වන බවත් ඔහු පවසයි.

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මේ තුන්දෙනාව දැක්කොත් ඒ වෙලේම පොලීසියට කියන්න බෝම්බ සම්බන්ධ අපරාධකරුවන්

මීට අමතරව වෛද්‍යවරුන් අතිකාල දීමනා 6ක් ලියා ගන්නා බවත්, තමන්ද එය වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විට සිදු කර ඇති බවත් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සිටින වෛද්‍යවරුන්ද එසේ කරන්නට ඇති බවත් ඔහු පවසයි.

මේ නිසා කිසිදු දිනක ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වා දිය නොහැකි බවත්, නීති සියල්ලන්ටම සමාන විය යුතු බවත්, රෝහලක අධ්‍යක්ෂවරයකුට තිබෙන නීති පහළ සේවකයන්ටද තිබිය යුතු බවත් පවසන ඔහු වෛද්‍යවරු, හෙදියන්, රෝහල් සහායකයන් හෝ පොලිස් නිලධාරීන් වුවද, සියලු දෙනාටම ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව යෝජනා කරයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්