මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක් [PHOTO]

Mahinda Deshapriya Minister of Energy and Power Latest Headlines Kumara Jayakody Sinhala news
By Ashfa Aug 18, 2025 07:20 AM GMT
Ashfa

Ashfa

Report

අල්ලස් කොමිසම විසින් ටෙන්ඩර් සම්බන්ධ විමර්ශනයක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ට එරෙහිව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එසේ විමර්ශන ආරම්භ වුවහොත් එය අවසන් වනතුරු අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව දේශපාලන විචාරකයන් අදහස් දක්වයි.

උතුරු නැගෙනහිර හර්තාලය සාර්ථකද? මෙන්න අවසන් ප්‍රතිපලේ

උතුරු නැගෙනහිර හර්තාලය සාර්ථකද? මෙන්න අවසන් ප්‍රතිපලේ

ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුවය.

මෙම චෝදනාවේදී අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට විරුද්ධව රුපියල් මිලියන 8ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත අදාළ නඩුව මහාධිකරණයේ ගොනු කිරීමට සුදානම්ය.

නීතියේ යටතේම තීරණයක් - අධිකරණ නිලධාරීන් 10කගේ සේවය අත්හිටුවයි

නීතියේ යටතේම තීරණයක් - අධිකරණ නිලධාරීන් 10කගේ සේවය අත්හිටුවයි

ටෙන්ඩරයක ගෙවීම් ක්‍රියාපටිපාටිය සැකකටයුතු වීමත් සමඟ අදාළ ටෙන්ඩරය පිලිබදව පරීක්ෂණයක් ආරම්භ වූ අතර විමර්ශනයට ලක් වූ ටෙන්ඩරය අනුමත කර ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කල බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාය.

දේශපාලන විචාරකයන් හා සමාජ මාධ්‍යවල තම අදහස් පල කරන මහජනතාව පවසා සිටින්නේ ජාතික ජන බලවේගය දූෂණයට හා වංචාවට විරුද්ධ ආණ්ඩුවක් නම් එය තහවුරු කරන්නක් මෙන් විමර්ශන අවසන් කරන තුරු අමාත්‍යවරයාව ධුරයෙන් නෙරපන ලෙසයි.

මේ පිලිබදව තම අදහස් සමාජ මාධ්‍යට එක්කල හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ

“ඇමතිවරයකු ගැන අල්ලස් කොමිසම විමර්ශන කරයි නම් ජනපති හා ආණ්ඩුව වෙනුවෙන් ඔහු ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැත. ජනතා අභිලාෂය දිනේවා” යනුවෙනි.

මේ ආකාරයට බොහෝ දෙනා මෙම විමර්ශනය පිලිබදවත් ධුරයෙන් ඉවත් කිරීමක් හෝ ඉල්ලා අස්වීමක් අවශ්‍ය බවත් සදහන් කරයි.

Gallery