බිහිසුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට 7ට බරපතළයි
මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්රදේශයේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ දින (23) සවස බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු එකම පවුලේ කාන්තාවන් හයක් ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මේ අතර ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු වයස අවුරුදු 74ක් වූ වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
අනතුර සිදුව ඇත්තේ අඳාළ වෑන් රථය එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයකට ඉස්සර කිරීමට යාමේදීයි.
එහිදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටී තිබෙනවා.
එමෙන්ම අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරුද තුවාල ලබා වාලච්චේන රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව සඳහන්.