මාරක අනතුරක් මහේස්ත්‍රාත් ඇතුළු 16 ක් රෝහලේ

Report

මන්නාරම-මැදවච්චිය මාර්ගයේ අද (22) සිදුවූ මාරක රිය අනතුරකින් සුඛෝපභෝගී බස් රථයක ගමන් කළ මහේස්ත්‍රාත්වරයෙකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුරෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ඇති අතර, එක් පුද්ගලයයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ මුරුංකන්, ආසිකුලම් පදිංචි එම්. ජයදරන් (29) නම් පුද්ගලයෙකි.

පොලිසිය සඳහන් කළේ, අනතුර සිදු වූයේ කොළඹ සිට මන්නාරම බලා ධාවනය වූ පුද්ගලික සුඛෝපභෝගී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම නිසා බවයි.

මාරක අනතුරක් පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරක් පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

රියදුරු පවසන්නේ බස් රථය පාලනයකින් තොරව ලිස්සායාමෙන් අනතුර සිදුවූ බවයි. තුවාල ලැබූ මහේස්ත්‍රාත්වරයා සහ ආරක්ෂක නිලධාරියා වවුනියා රෝහලට සහ මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් බොහෝ තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට රෝහලෙන් පිට වී ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්

මගෙන් අහනවා කොන කපලද.. ඌරු මස් කනවද කියලා.. - ඔව් කොන කපලා ඇයි පාන්ද - මුජිබර් රහුමාන්