සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්
අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමකට අනුව අඳාළ දැනුම්දීම සිදුකර තිබෙන බව සඳහන්.
එසේම 1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන කිලෝග්‍රෑම් එකට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර තිබෙන‘ මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය මඟින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පරීක්ෂණ කටයුතු අවසන් වුව ද රඳවා තබාගෙන ඇති මෙම සම්පාල නිසා රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත ගබඩා පහසුකම් ලබාදීමට හැකියාවක් නොමැති බවයි.
එබැවින් වහාම අවධානය යොමුකර පරීක්ෂණ නිම කර තිබෙන මත්ද්‍රව්‍ය සාම්පල රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් අධිකරණ අමාත්‍යාශය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව අඳාළ ඉල්ලීම සලකා බැලු අධිකරණ සේවා කොමිෂන් සභාව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිතව දැනුම් දි තිබෙන බව සඳහන්.