කූඨ බ්‍රසීල ගමන් බලපත්‍රයක් සමඟ ලංකාවට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු අත්අඩංගුවට

Report

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ,මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු අද (23) අත් අඩංගුවට ගෙන නැවත පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

ඔහු වයස 35 ක් වන සෙනගාල් ජාතිකයෙකි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු අද අලුයම කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් පැමිණ තිබේ.

හෙරො­යින් ළග තියාගත් රත්නපුරේ නෝනයි මහත්තයයි දෙන්නම පොලිස් දැලේ

හෙරො­යින් ළග තියාගත් රත්නපුරේ නෝනයි මහත්තයයි දෙන්නම පොලිස් දැලේ

එහිදී ඔහු ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට සැක සිතීමත් සමග දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇත.

එහිදී සිදු කළ පරීක්ෂා කිරීම් වලදී අනාවරණය වුණේ මෙම බ්‍රසීල ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවයි.]

ඉන්පසුව ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේදී එහි තිබූ ඔහුගේ සැබෑ සෙනගාල් ජාතික ගමන් බලපත්‍රය මෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවිය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කළේ ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත එම පුද්ගලයා නැවත පිටුවහල් කිරීමටයි.

[DINTQRJ