හෙරො­යින් ළග තියාගත් රත්නපුරේ නෝනයි මහත්තයයි දෙන්නම පොලිස් දැලේ

Report

රත්න­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සමන් ඩී.කේ. පර­ණ­ලි­ය­න මහතා විසින් නියෝග කර ඇත්තේ හෙරො­යින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් රත්න­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ සැමියා සහ බිරිය මෙම මස 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසයි. .

මෙම සැක­කරු සහ සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ බෝද­ර­ගම පොලී­සිය විසිනි.

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ

මෙසේ රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත්තේ 41 හැවි­රිදි රණ­සිං­හ­ආ­ර­ච්චිගේ සුද­ර්ශණ සැමියා සහ 38 හැවි­රිදි පී.එම්. නදිෂා දිල්රුක්‍ෂි යන දෙදෙ­නා වේ.

ඔවුන් පදිංචිව සිට ඇත්තේ රත්න­පුර පලා­වෙල නව ගම්මා­නයේ ය.

සැක­කාර සැමියා අත්අ­ඩං­ගු­වට ගන්නා ලද අව­ස්ථාවේ ඔහු ඇඳ සිටි යට ඇඳු­ම්වල සහ ශරී­රය තුළ රුපි­යල් ලක්‍ෂ 20ක් පමණ වටිනා හෙරො­යින් මත්කුඩු ග්‍රැම් 94ක් සහ මිලි­ග්‍රෑම් 420ක් ද, ඔහුගේ බිරිය වන පී.එම්. නදිෂා දිල්රු­ක්‍ෂිකා යන සැක­කා­රිය ඇඳ සිටි ඇඳු­ම්වල සාක්කු­වල තිබී රුපි­යල් ලක්‍ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සොයාගන්නට ලැබී තිබේ.      

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්