ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවම [UPDATE]

Report

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිරදඬුවමක් නියම කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට වෙඩි - අයෙක් මරුට

මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට වෙඩි - අයෙක් මරුට

2024 අගෝස්තු 5 වනදා බංග්ලාදේශයේ ඇති වූ දැවැන්ත ජනතා විරෝධතා හමුවේ ෂෙයික් හසීනා සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඩකාහි පිහිටි ඇගේ නිවස අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට පලා ගියාය.

මෙය ඇයට එරෙහිව ගොනු කරන ලද නඩුවකට අදාළව දඬුවමක් නියම වූ පළමු අවස්ථාව ලෙස සැලකේ. වාර්තාවලට අනුව, ෂෙයික් හසීනාට එරෙහිව මේ වන විට නඩු 155ක් ගොනු කර ඇත.

මෙම නඩු අතර මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩු 136ක්, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධ නඩු 8ක්, පැහැරගැනීමේ චෝදනා සම්බන්ධ නඩු 3ක්, එමෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර චෝදනා සම්බන්ධ නඩු 7ක් ද ඇතුළත් බව සඳහන් වේ.

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

මෙම චෝදනා බංග්ලාදේශයේ ඇගේ පාලන සමයේ සිදුවූ විවිධ සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර, එම නඩුවල විභාගය ඉදිරියේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ෂෙයික් හසීනාගේ මෙම නඩුවල ප්‍රගතිය බංග්ලාදේශයේ දේශපාලනික හා නීතිමය තත්ත්වයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

රුසියාවේ වෛරසය දැන් ලංකාවේද? - නවතම පර්යේෂණයක අනාවරණය!

රුසියාවේ වෛරසය දැන් ලංකාවේද? - නවතම පර්යේෂණයක අනාවරණය!