අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එහි අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර තිබෙන බව සඳහන්.
එසේම ඇගේ යෝජනාවට අනුව, අවුරුදු 13ත් 15ත් අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ "Mini Accounts" ඔස්සේ පමණක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
එහි අරමුණ ළමයින් අන්තර්ජාලයේ ඇති දැඩි ඇබ්බැහි කරවන විශේෂාංග, නරක අන්තර්ගතයන් සහ AI මඟින් සාදන අසභ්‍ය ඡායාරූප වැනි අන්තරායන්ගෙන් ආරක්ෂා කරගැනීමයි.
මේ අතර යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 27 විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.
කෙසේ වෙතත් සමාජ මාධ්‍යවලට එරෙහි ගෝලීය ප්‍රතිචාරයක් ප්‍රතිපත්ති සම්පාදකයින් මත පීඩනයක් එල්ල කර තිබෙන අතර, දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් පෙන්නුම් කරන සාක්ෂි ද වැඩි වෙමින් පවතින බව වාර්තා වේ.
ඉකුත් වසරේ ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට පත් වූ අතර, එය වෙනත් රටවලත් එවැනිම පියවර රැල්ලක් ඇති කර ඇති බව සඳහන්.