16 දෙනෙකුට මරු කැදවූ ඇල්ල අනතුරේ වාර්තාවේ ප්‍රකාශයට පත් කරයි - අනතුරට හේතුව මෙන්න
පසුගියදා දාසයදෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වූ ඇල්ල අනතුරේ වාර්තාව අද දින ප්‍රකාශයට පත් කර තිබේ.එය අමාත්‍ය බිමන් රත්නායක මහතාට භාරදීම සිදුවිය. ඒ අනුව අනතුරට හේතු වූ සියලු දේ නිරීක්ෂණයට ලක් කර ඇති අතර මූලික නිරීක්ෂණවලින් තොරතුරු කීපයක්ම අනාවරණය වී තිබේ.
ඒ අනුව තිරිංග ඩ්‍රම්ස් ගලවා පරීක්ෂා කිරීමේදී ඉදිරි දෙපස සහ පසු පසවම පසවම ඩ්‍රම්ස් වල පැහැය වෙනස් වීී තිබීමෙන් ඒවා අධිකව රත්වයේ ඇති බවට අනාවරණය වී ඇත.
එමෙන්ම තිරිංග ලයිනර්ස් සියල්ල ආරක්ෂිත සීමාව දක්වා ගෙවී නොමැති බවට වාර්තා වේ. ඊට අමතරව පිටුපස දකුණ පස ඩ්‍රම් එක ගලවා පරීක්ෂා කිරීමේදී එම රෝදය තිරිංග පද්ධතියට දීර්ඝ කාලයක සිට ග්‍රීස් කාන්දු වී තිබූ බවට නිරීක්‍ෂණය වේ.
ඊට අමතරව Axle Housing කොටස ගෙවී තිබූ බවත් Inner -Hub Breaking ,Axle cone කොටස වටා කරකැවී බුරුල් වී තිබූ බවත් නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම පිටුපස දකුණුපස තිරිංගවල පැවති දෝෂය හේතුවෙන් ඉදිරි තිරිංග හා පිටුපස වම තිරිංග වැඩි වශයෙන් ක්‍රියා කර ඇති බව නිගමනය කළ හැකි බව සඳහන් වේ.
එමෙන්ම තිරිංග ක්‍රියාත්මක වූ රෝද තුන ඩ්‍රම් අධිකව රත් වී ඇති නිසා තිරිංග වැඩි වශයෙන් භාවිතා කරමින් ධාවනය කර ඇති බවට නිගමනය කළ හැකි බව අනාවරණය වේ.
Gear Box ගලවා පරීක්ෂා කිරීමේදී බසය හතරවන ගියරේ තිබූ බව සඳහන්වේ. වාර්තාවේ සඳහන් වන මෙම මූලික කරුණුවලට අමතරව රියදුරාට අධික වෙහෙස සහ මහන්සිය ද තිබී ඇති බවත් ඔහු විවේකයක් ලබා නොමැති බවත් අනාවරණය වී තිබේ.