දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මංතීරුවක් අවහිරයි
ක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද (22) රාත්‍රියේ සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
ගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ දෙසට එක් මංතීරුවක් අවහිර වී ඇතැයි පොලීසිය පවසයි.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව ද වාර්තා වේ.