රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව
රුපියල් දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළයක් සමඟ සැකකරුවකු අද (22) සිදුකළ වැටලීමකදී හබරණ දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තිස් දෙහැවිරිදි වියේ පසුවන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි.
දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට මෙම දාහේ ව්‍යාජ නෝට්ටුව මාරු කරගැනීමට යෑමේදී ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 23 වෙනිදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි. හබරණ පොලිස් ස්ථානාධිපති පාලිත ඉලංගසේකරගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.