එල්ටීටීඊ යුද්ධෙදී උතුරෙන් හොයාගත්ත රත්තරන් තොගේට මොකද වුණේ? මෙන්න උත්තරේ

Report

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී එල්ටීටීඊ බැංකුවලින් හමුදාව විසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දී ඇත.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අධිකරණයේ නියෝග මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දුන් රන් භාණ්ඩ දසදහසෙන් හයදහසක් ශ්‍රී ලංකා බැංකුවට භාර දී ඇති බව වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝධරගම මහතාට දැනුම් දුන්නේය.

පෙර නඩු විභාගයේදී, රන් භාණ්ඩ දසදහසක් (10,000) කිරා මැන බලා ඒවායේ අඩංගු රන් ප්‍රමාණය සහ බර පිළිබඳ සවිස්තර වාර්තාවක් එහි අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් සමඟ ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

ඒ අනුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පරීක්ෂා කරන ලද රන් භාණ්ඩ හයදහසක් මහ බැංකුවට ගෙන ගිය බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. අදාළ නඩුව අධිකරණයේ විභාගයට ගත් විට මේ සම්බන්ධයෙන් අතිරේක වාර්තාවක් ඉදිරිපත් කළ බලධාරීන් විසින් ඉහත කරුණ තහවුරු කර ඇත.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම